Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: ජයදේව උයන්ගොඩ

දේශපාලන

පරිවර්තනීය ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් සඳහා 

ලංකාවේ දේශපාලනයෙහි පසුගිය සති කිහිපය තුළ ප්‍රකාශයට පත්වෙමින් තිබෙන එක් නව ප්‍රවණතාවක් වන්නේ ‘ආණ්ඩුව’ සහ ‘මහජනතාව’ යනුවෙන් හැඳින්විය හැකි කඳවුරු දෙකකට සමාජය බෙදීයාමයි. දෙපැත්තකට ධ්‍රැවීකරණය වීමයි. මෙය වනාහි දේශපාලන වශයෙන් නව විභවතාද විවෘත කරන අවකාශයක්ද නිර්මාණය කරනු ඇති තත්වයක් බවද පෙනේ. එම අවකාශයේ වැදගත්කමද, එහි…

දේශපාලන

දක්‍ෂිණාංශික විකල්ප සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප 

ලෝකයේ මෙතෙක් බිහිවී ඇති සහ තවමත් පවතින දේශපාලන දෘෂ්ටිවාද අතරින්, මනුෂ්‍යයන්ගේ සමාජ-දේශපාලන විමුක්තිය සිය ඉලක්කය කරගත්, දෘෂ්ටිවාද තිබෙන්නේ තුනකි. සමාජවාදය සහ ලිබරල්වාදය අතර ‘නිදහස’ සහ ‘අයිතිවාසිකම්’ යන තේමා ආශ්‍රය කරගෙන ‘සංවාදයක’ යෝග්‍යතාව ගැන පසුගිය ලිපිවලින් යෝජනා කිරීමේදී ‘සංවාදය’ යන වචනය මා භාවිත කෙළේ සංකේතාර්ථයකිනි. ‘සංවාදය’…

දේශපාලන

ලිබරල්වාදය සහ සමාජවාදය නිදහස සහ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව 

ලිබරල්වාදය සහ සමාජවාදය ආශ්‍රයෙන් මනුෂ්‍යයන්ගේ නිදහස හා අයිතිවාසිකම් ගැන සාකච්ඡා කිරීමේදී, අප අවධානය යොමු කළ යුත්තේ, ලිබරල්වාදය සහ සමාජවාදය යන දේශපාලන න්‍යාය/දෘෂ්ටිවාද දෙකට පමණක් නොවේ. ධනවාදය සහ සමාජවාදය යන සමාජ, දේශපාලන සහ ආර්ථික ක්‍රම දෙකද එම සාකච්ඡාව සමග සම්බන්ධ කළ යුතුය. ලිබරල්වාදය ධනවාදී සමාජ-ආර්ථික ක්‍රමය…

දේශපාලන

ලිබරල්වාදය හා සමාජවාදය අතර සංවාදයක් විය නොහැකිද? 

ලිබරල්වාදය පිළිබඳ සමාජවාදී විවේචනයක්ද, සමාජවාදය පිළිබඳ ලිබරල්වාදී විවේචනයක්ද තිබේ. එම විවේචන දෙස අපක්‍ෂපාතීව බලන කෙනකුට පෙනෙනු ඇත්තේ, ‘නිදහස’ පිළිබඳ පරමාදර්ශය පැත්තෙන් බලන විට, ඒ දෙකෙහිම ශක්තීන් සහ දුර්වලතාද තිබෙන බවත්, ඒ මත එකිනෙකෙහි දුර්වලතාවලට ආමන්ත්‍රණය කළ හැකි සංවාදයක් ගොඩනැගිය හැකි බවත්ය. වාමාංශික බොහෝ දෙනාද, දක්‍ෂිණාංශික…

දේශපාලන

රැඩිකල් සමාජවාදී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප ගැන සිතීම 

අප සාකච්ඡා කළ යුතු දෙයක් නම්, ‘නිදහස’, ‘අයිතිවාසිකම්’, ‘සමානත්වය’ යන මේවා පිළිබඳව එකිනෙකට පටහැණි දාර්ශනික සහ දේශපාලන සම්ප්‍රදායන් දෙකක් වන සමාජවාදය සහ ලිබරල්වාදය අතර සහයෝගයක් ගොඩනැගිය හැකිද? එසේ නම් කෙසේද? යන කරුණයි. පැරණි සෝවියට් ආකාරයේ සමාජවාදී මාදිලියට, ධනවාදයට විකල්පයක් ලෙස යළි මතුවීමට ඓතිහාසික හෝ දේශපාලන-බුද්ධිමය…

දේශපාලන

නව ලිබරල්වාදයට එරෙහිවීම කෙසේ කළ හැකිද? 

අප රටේ පසුගිය සති කිහිපය තුළ පරිසර විනාශය ගැන විරෝධයක් මතු වී තිබේ. තමන්ගේ විරෝධය නව ලිබරල්වාදයට එරෙහි වීමකැයි එම විරෝධයට සම්බන්ධ වන අය ප්‍රකාශ කරන බවක් මම නොදනිමි. ඔවුන් එය ඍජුව ප්‍රකාශ නොකළත්, වන විනාශයට විරුද්ධ වෙමින්, පරිසරය රැකගැනීමට සටන් කිරීම, නව ලිබරල්වාදයට එරෙහි…

දේශපාලන

නව ලිබරල්වාදය හඳුනාගැනීම 

මෙම ලිපියේ අරමුණ දැනට ලංකාවේත්, ලෝකයේත්, සමාජවාදී, රැඩිකල්වාදී සහ ජාතිකවාදී දේශපාලන කතිකාවල බහුලව යෙදෙන සංකල්පයක් වන ‘නව-ලිබරල්වාදය’ යන්න හඳුනාගැනීමයි. ‘නව-ලිබරල්වාදය’ යනු එහි හිමිකරුවන් හෝ නියෝජිතයන් හෝ භාවිත නොකරන වචනයකි. නිදසුනක් ලෙස ඇමෙරිකාවේ ආණ්ඩුව, ලෝක බැංකුව, වෝල් ස්ටී්‍රට් ජර්නල් නම් පුවත්පත තමන් නව-ලිබරල්වාදීන් ලෙස හඳුන්වාගන්නේ නැත….

දේශපාලන

නව ලිබරල්වාදයට නව විවේචනයක් අවශ්‍යය 

‘නව-ලිබරල්වාදයට විරුද්ධව සටන් කරමු’ යන්න මෑත කාලයේ ලෝකයේ බෙහෙවින් පැතිරුණ දේශපාලන සටන් පාඨයක් විය. ලංකාවේද වාමාංශික සහ රැඩිකල් කණ්ඩායම්වලට සීමා වී තිබුණ එය දැන්, පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික සහ ජාතිකවාදී නැඹුරුවක් ඇති කණ්ඩායම් අතර පැතිරී තිබෙන සටන් පාඨයකි. ජවිපෙ දේශපාලන කතිකාවෙහිද, එම සටන්…

දේශපාලන

ජිනීවා යෝජනාවේ අනපේක්‍ෂිත ප්‍රතිඵල 

ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් විශාල පරිහාණියකටත්, අර්බුදයකටත්, ගැටුම් බහුල නව අවධියකටත් වේගයෙන් තල්ලු වෙමින් සිටින බව පෙනේ. එම ක්‍රියාවලිය නැවැත්වීමට හෝ අඩු තරමින් එය අඩාළ කිරීමටවත්, හැකියාවක් ආණ්ඩුවට නැති බව පෙනේ. යහපාලන ආණ්ඩුවත්, එයටම සුවිශේෂ ආකාරයෙන්, තල්ලු වූයේ මෙවැනිම ව්‍යාකුලත්වයකටය. මේ ආණ්ඩුවේ විශේෂත්වය නම්, ව්‍යාකුලත්වයට…

විශේෂාංග

ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ජිනීවාවලින් පසු 

ජිනිීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ඇති ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම සිදුවන්නේ, මෙම ලිපිය ලියන අද දිනයි. එය ලංකාවේ වේලාවෙන් දවල්ද, හවසද, රාත්‍රියේද වන්නට පුළුවන. ලංකාවේ ආණ්ඩුවත්, බොහෝ ජනමාධ්‍යත්, එම යෝජනාව හඳුන්වා තිබෙන්නේ ‘ලංකාවට එරෙහි, විරුද්ධ සහ සතුරු’ ආදි…