Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: කේ ඩබ්ලිව් ජනරන්ජන

දේදුන්න

රන් අකුරෙන් නොලියවුණාට සමහර දේවල් පවතිනවා – මාලින්ද සෙනෙවිරත්න 

මීට ඉස්සෙල්ලා සයිමන් නවගත්තේගමගේ සංසාරාරණයේ දඩයක්කාරයා පොත පරිවර්තනය කරලා මාලින්ද සම්මානයට පාත්‍රවෙනවා. මේ පාර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං පරිවර්තනය කරලා ඔබ ඉයන් ගුණතිලක සම්මානය හිමි කරගන්නවා. මේ පොත් දෙකම භාෂා විචිත්‍රත්වයෙන් අනූන, අරුත් දැනවීම සඳහා භාෂාව පොහොසත්ව වගේම විස්මිතව පාවිච්චි කරන පොත් දෙකක්. මේ පොත්…

විශේෂාංග

ශානිට එරෙහි පොලිසියේ හා නීතිපතිගේ චෝදනා පුස්වෙඩි කළ අභියාචනාධිකරණ තීරණය 

අභියාචනාධිකරණය: ‘ශානි අබේසේකර බොරු සාක්‍ෂි ගෙතුවේ යැයි කියා පැමිණිල්ලක් දැමීමට (2014 සිට) සෑම හැකියාවක්ම තිබියදීත් (2020 දක්වා) එය කිරීමට අසාමාන්‍ය සහ සුවිශේෂ ලෙස ප්‍රමාදවීම මඟින් පෙන්නුම් කරන්නේ ඔහුට එරෙහි චෝදනා අසත්‍යකරණයේ හා අලංකරණයේ ප්‍රතිඵලයක් මෙන්ම, පසුව හිතාමතා කරන ලද චෝදනා බවය.’ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු…

පුවත්

විනිශ්චයකාර, නීතිපති අනුමැතිය නෑ, දුමින්දට දුන් සමාව ව්‍යවස්ථාවට පටහැනියි 

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් චෝදනා යටතේ මරණ දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටි දුමින්ද සිල්වා මහතාට ජුනි 24 වැනිදා ලබා දුන් විශේෂ ජනාධිපති සමාව, එවැනි සමාවක් ලබාදීම සඳහා රටේ ඉහළම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති කොන්දේසි…

දේශපාලන

සොයන්නා හිරේ දමා මහමොළකරු සෙවීමේ විප්‍රකාරය 

පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වන තැනදී පවා, ආගමික නායකයන් හා දේශපාලකයන් කියන කරන දෙයින් පෙනෙන්නේ එම ඛේදවාචකය, තමන්ගේ දේශපාලන හෝ වෙනත් වුවමනාකම් සපුරා ගැනීමට යොදා ගන්නවා මිස ප්‍රහාරයෙන් වින්දිතයන් වූ අයට යුක්තිය ගෙනඒමට ඒ කිසිවකුට ඇත්ත වුවමනාවක් නැති බවයි. ඊට හොඳම උදාහරණය, මැල්කම්…

දේශපාලන

කාදිනල් හිමි ඇඳගෙන ඉන්නා පොහොට්ටු රෙද්ද 

කාදිනල් හිමි අවසාන විනිශ්චයකාරයාද? මේ ප්‍රශ්නය මීට පෙරද අපි අසා ඇත්තෙමු. හේතුව, 2019 පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් තමා පමණක් දන්නා වැරදිකරුවන්, තමා පමණක් දන්නා ඇත්තක්, පසුපස හඹා යන ලෙස මැල්කම් රංජිත් කාදිනල් හිමියන් දිගින් දිගටම ආණ්ඩුවලට කරන බලපෑමයි. දැන් අලුතින්ම එහිමියන් ඊට එකතු කර…

පුවත්

මාධ්‍ය මර්දනය කරන සාපරාධී අපහාස නීතිය යළි ගෙනඒමට සැරසේ 

2002 වසරේදී අහෝසි කරන ලද සාපරාධී අපහාස වරදට සමාන වරදක් නැවතත් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ‘අසත්‍ය ප්‍රවෘත්ති හා වෛරී ප්‍රකාශනවලින් පුද්ගල කීර්තිනාමයට හා චරිතයට අදාළව වන හානිවලට’ එරෙහිව මෙම නව අපරාධය දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කරන්නට සැලසුම්…

විශේෂාංග

අල්ලස් කොමිසම ඉල්ලා අස්කර ගැනීමේ කොමිසමක් වෙයිද? 

අල්ලස් කොමිසමේ ලේකම්වරිය අප සමග කියූ පරිදි, රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුව ගැන ‘අලුත් කොමිසම’ අධ්‍යයනය කරනු ඇත. ඉන් පසු නැවත නඩු පවරනවාද නැද්ද යන්න ගැන තීරණය කරනු ඇත. අල්ලස් කොමිසම විසින් අධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු 45ක් ඉල්ලා අස්කර ගැනීමට යන බව පසුගියදා දිවයින පුවත්පත…

දේශපාලන

ජිනීවා යෝජනාව, ජනතාවගේ ජයක් ආණ්ඩුවේ පරාජයක් 

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනගේ අරුම පුදුම ගණන් හැදීමට අනුව, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකාරී කමිටුව ඉදිරිපත් කළ යෝජනාව, සම්මත වුණේ නැත. මක් නිසාද යත්, කවුන්සිලයේ සාමාජික රටවල් 47 අතරෙන්, 25ක්ම යෝජනාවට එරෙහිවූ නිසාය. යෝජනාවට පක්‍ෂව ලැබී ඇත්තේ ඡන්ද 22ක් පමණය. එය…

විශේෂාංග

ඇමති කැබිනට් පත්‍රිකාව අත්සන් කළාම බුර්කාව තහනම් වෙනවාද? 

පසුගිය සඳුදා තවත් විකාර ප්‍රවෘත්තියක් මාධ්‍යවල ‘පැළ කර’ තිබිණ. අභ්‍යන්තර ආරක්‍ෂාව බාර ඇමති සරත් වීරසේකර, කැබිනට් පත්‍රිකාවක් අත්සන් කළ බවත්, ඒ අනුව, බුර්කාව තහනම් වන බවත්, මද්‍රසා පාසල් 1000ක්ද තහනම් කරන බවත් එම ප්‍රවෘත්තියේ අඩංගු විය. රටේ ආණ්ඩුක්‍රමය ගැන උසස් පෙළ දැනුමක් තිබෙන කෙනකුට වුණත්…

විශේෂාංග

..ඒ මගේ නංගි – දිලිනිගේ අයියාට කියන්නට තිබෙන කතාව 

‘අපි හිටියේ තුන්දෙනයි. මමයි අම්මායි නංගියි විතරයි. 2002දී තාත්තා නැතිවුණේ. තාත්තා විශේෂ වැඩක් කළේ නැහැ. ගොවිතැන් කටයුතු, කම්කරු වැඩ කළේ.’ ප්‍රභාත් කතාකරන්නට පටන්ගත්තේ එහෙමය. ඔහු හිඳ සිටියේ සෝපාව කෙළවරකට වන්නටය. සෝපාව පසෙක බිම නැගණියගේ විශාල ඡායාරූපයක් තබා තිබිණ. නැගණිය, දිලිනි යසෝමා ජයසූරියය. දැන් කවුරුත් දන්නා…